ජනපති කැළණි සරසවියට

January 31, 2024 - 6:10 PM
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැලණිය සරසවිය වෙත ගොස් තිබෙනවා.

ඒ කැලණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන ආයතනයේ නව ගොඩනැගිලි පරිශ්‍රය විවෘත කිරීමටයි.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව ගොඩනැගිලි පරිශ්‍රය අද පෙරවරුවේ විවෘත  කර තිබෙනවා.

ජනාධිපතිවරයාගේ පැමිණීමට විරෝධය පළ කරමින් කැලණිය සරසවියේ සිසුන් විරෝධතාවයක නිරත වුණා.

එමෙන්ම පෙරේදා රාත්‍රීයේ කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගය අවහිර කරමින් සිදුකළ විරෝධතාවය විසුරුවා හැරීමට පොලීසියට කඳුළු ගෑස් ප්‍රහාරද එල්ල කිරීමට සිදුවුණා.
(lknews.lk)