ජනපති නුවරඑළියේ සංචා‍රය කරයි

April 16, 2024 - 4:15 PM
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (16) නුවරඑළිය උඩුපුස්සැල්ලාව වැවිලි සමාගමට අයත් කෝට් ලොජ් වතු යායේ සංචාරයක නිරත වී තිබෙනවා.

ඒ අනුව ජනාධිපතිවරයා පිකෝ ට්‍රේල් මංපෙත හරහා කිලෝමීටර 3.2ක පමණ දුරක් පා ගමනින් සංචාරය කර ඇති බවයි වාර්තා වන්නේ.

එම වතුයායේ සේවය කරන කම්කරු ජනතාවගේ තොරතුරු විමසමින් සුහද කථා බහක නිරත වී තිබෙනවා.

එමෙන්ම ජනාධිපතිවරයා වතු ජනතාව මුහුණ  දී සිටින අධ්‍යාපන, සෞඛ්‍ය ගැටළු ඇතුළු මූලික අවශ්‍යතා පිළිබඳ සොයා බලා ඇති බව වාර්තා වනවා.

උසස් පෙළ විභාගයෙන් පසුව පාසල් අධ්‍යාපනය අවසන් කරනු ලබන වතු කම්කරු ප්‍රජාවගේ දරුවන්ගේ අනාගතය සම්බන්ධයෙන්ද විශේෂ අවධානයක් යොමු කර ඇති බවයි සඳහන්.


(lknews.lk)