ජනාධිපති අරමුදල් කාර්යාලයට 2025දී නව ස්ථානයක්

December 30, 2024 - 6:08 PM
ජනාධිපති අරමුදල් කාර්යාලය ලබන වසරේදී වෙනත් ස්ථානයකට ගෙන යාමට තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කළා.

ඒ අනුව එළඹෙන ජනවාරි 1වනදා සිට ජනාධිපති අරමුදල් කාර්යාලය කොළඹ 01, ජනාධිපති මාවතේ, ජනාධිපති මන්දිරය ඉදිරිපිට පිහිටා ඇති Standard Chartered ගොඩනැගිල්ලේ බිම් මහලේ ස්ථාපිත කිරීමට නියමිතයි.

එමෙන්ම ජනාධිපති අරමුදල් සේවාව ලබා ගැනීමට පැමිණෙන ජනතාව ජනවාරි 1වනදා සිට එම ස්ථානයට ගොස් තම සේවාව ලබා ගත යුතු බවද එහි වැඩිදුරටත් සඳහන් වනවා.

(lknews)