ජනාධිපති අපේක්ෂක ඉල්ලියාස් අභාවප්‍රාප්ත වෙයි

August 23, 2024 - 8:51 AM
ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා ලබාදුන් ස්වාධීන අපේක්ෂකයෙක් වන අයිදුරුස් මුහම්මද් ඉල්ලියාස් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පුත්තලම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී අතරතුර ඔහු මෙලෙස අභාවප්‍රාප්ත වී තිබෙන බවයි වාර්තා වන්නේ.

ඔහු මියයන විට 78 වන වියේ පසු වුණා.

(lknews)