ජනාධිපති පක්ෂ නායක රැස්වීම අද

April 10, 2025 - 9:21 AM
ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් විපක්ෂය කළ ඉල්ලීමට අනුව පක්ෂ නායක රැස්වීම අද (10) පෙරවරු 11.00ට කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා.


ඒ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගනු ලැබූ බදු සංශෝධන ශ්‍රී ලංකාවට බලපා ඇති ආකාරය සහ ඉන් ආරක්ෂා වීමට රජය මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග පැහැදිලි කිරීමටයි.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙන අතර ඒ සඳහා විපක්ෂය නියෝජනය කරමින් විපක්ෂ නායකවරයා ඇතුළු පක්ෂ රැසක නායකයන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගි වීමට නියමිතව තිබෙනවා.

විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයන් 12දෙනක් ඉල්ලා සිටියේ මෙම ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා හමුවිය යුතු බවයි.

එම ඉල්ලීමට වහාම සහ ක්ෂණිකව අවධානය යොමු කරමින් රජය මෙම සාකච්ඡාවට පැවැත්වීමට තීරණය කර තිබෙනවා.


(lknews.lk)