ශ්‍රී ලංකා - උගන්ඩා ජනපතිවරු හමු වෙයි

January 21, 2024 - 5:51 PM

උගන්ඩාවේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ උගන්ඩා ජනරජයේ ජනාධිපති යොවේරි මුසෙවේනි මහතා අතර නිල හමුවක් සිදුව තිබෙනවා.

එහිදී වැටී තිබූ ශ්‍රී ලංකාව යළි නඟා සිටුවීම සඳහා ජනපති දුන් නායකත්වය උගන්ඩා ජනපතිගේ ඇගයීමට ලක් කළා.

ශ්‍රී ලංකාවේ නව ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී නායකයන් සාකච්ඡා කළ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමට එළැඹීමෙන් පසුව ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ඉදිරියට යමින් සිටින බවයි.

2024 වසරේ නව වර්ධනයක් සමඟ අපේක්ෂිත ඉලක්ක කරා ගමන් කරමින් සිටින බවද ජනාධිපතිවරයා කියා සිටියා.
(lknews.lk)