ජනපතිගේ චීන සංචාරය 14වනදා ඇරඹේ

January 07, 2025 - 4:22 PM
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නිල චීන සංචාරය එළඹෙන 14වනදා සිට 17වනදා දක්වා සිදුකිරීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.

ඒ අද (07) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ චීන සංචාරය සඳහා බිමල් රත්නායක සහ විජිත හේරත් යන අමාත්‍යවරුද එක්වීමට නියමිත බවයි.

(lknews)