බේකරි නිෂ්පාදනවල මිලත් ඉහල යන ලකුණු

October 21, 2023 - 5:10 PM
ඉදිරියේ දී ඉන්ධන, ගෑස් හෝ විදුලි ගාස්තු තවදුරටත් ඉහළ ගියහොත් බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සිදු වන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

ඊයේ (20) සිදු කළ විදුලි ගාස්තු සංශෝධනය හේතුවෙන් බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමක් සිදු නොකළ ද මේ වන විට අධික පිරිවැය හේතුවෙන් බේකරි කර්මාන්තකරුවන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බව එහි සභාපති එන්.කේ ජයවර්ධන මහතා ප්‍රකාශ කළා.

මේ අතර, විදුලි ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් සිය ව්‍යාපාරික කටයුතු සිදු කර ගෙන යාමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇති බව මහරගම පමුණුව, අලුයම අලුත්පාර වෙළෙඳ සංගමයේ සභාපති කුසුම්සිරි දසනායක මහතා පවසනවා.
LK NEWS