අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

February 15, 2024 - 6:04 PM
සිංහල අලුත් අවුරුද්ද මුල් කර ගනිමින් අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් අඩු කරන බව ලංකා සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා පැවසුවා.

අද (15) දහවල් මාධ්‍ය හමුවක් කැඳවමින් සභාපතිවරයා මේ බව සඳහන් කළා.

ඒ අනුව අත්‍යාවශ්‍ය භාණ්ඩ 12ක මිල ගණන් අඩු කර තිබෙනවා.

එම මිල ගණන් පහතින්,

භාණ්ඩයේ නම (1Kg) - නව මිල - ඉතිරිය

රතු කව්පි - රු.1095 - රු.55

සුදු කව්පි - රු.1200 - රු.50

රතු ළුණු - රු.325 - රු.40

රට කජු - රු.1300 - රු.40

ටින් මාළු (ආනයනික) 425g - රු.575 - රු.20

වියළි මිරිස් - රු.1210 - රු.20

බී ළුණු - රු.365 - රු.15

සුදු සීනි - රු.275 - රු.13

අර්තාපල් - රු.299 - රු.11

රතු කැකුළු - රු.174 - රු.6

ටින් මාළු (ආනයනික) 155g - රු.290 - රු.5

බාස්මතී සහල් (ප්‍රීමියම්) - රු.760 - රු.5
(lknews.ll)