අල, ලූණු, පරිප්පු, සීනි මිල තවත් ඉහළට

January 09, 2024 - 1:41 PM
වැට් බද්ද ඉහළ දැමීමත් සමඟ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ රැසක මිල ගණන් මේ වනවිට ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අල, පරිප්පු, සීනි, ලූණු, තිරිඟු‍ පිටි සහ ඇතැම් සහල් වර්ග කිහිපයක මිල තවදුරටත් ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ.

වැට් බද්ද ඉහළ දැමීමට පෙර රුපියල් 300ක්ව පැවැති පරිප්පු කිලෝවක මිල මේ වන විට රුපියල් 350 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම ඇතැම් ප්‍රදේශවල රුපියල් 290ක්ව පැවැති සීනි කිලෝවක මිලද රුපියල් 320 දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

වැට් බදු මුවාවෙන් ඇතැම් ව්‍යාපාරිකයින් අසීමිත ලෙස භාණ්ඩ මිල ඉහළ දමා ඇති බවයි පාරිභෝගිකයන් පවසා සිටින්නේ.
(lknews.lk)