ඉන්දීය අගමැති කටාර් රාජ්‍යයට

February 15, 2024 - 5:39 PM
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දෙදින නිල සංචාරයකින් අනතුරුව ඊයේ  (14) කටාර් රාජ්‍යය වෙත පැමිණ තිබෙනවා.

ඒ, එරට මරණීය දණ්ඩනයට ලක්ව සිටි ඉන්දීය නාවික හමුදා සාමාජිකයින් 08 දෙනා නිදහස් කිරීමෙන් අනතුරුවයි.

එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කටාර්හි බලධාරීන් සමග දෙරට අතර ද්විපාර්ශවික සම්බන්ධතා වර්ධනය කර ගැනීම පිළිබඳව සාකච්ඡා වලටද එක් වුණා.
(LKNEWS)