රොෂාන් රණසිංහ ඉවත් කිරීමට අගමැති හේතු දක්වයි

November 28, 2023 - 3:47 PM
රොෂාන් රණසිංහ මහතාගේ ක්‍රීඩා සහ වාරිමාර්ග අමාත්‍ය ධුරවලින් ඔහු ඉවත් කිරීමට හේතු වූ කරුණු පිළිබඳව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (28) පැහැදිලි කර තිබෙනවා.

ඒ අනුව පාර්ලිමේන්තුව අමතමින් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ අමාත්‍ය මණ්ඩලය විනයක් ඇතිව කටයුතු කළ යුතු බවත්, එම විනය අනුගමනය කිරීම කැබිනට් අමාත්‍යවරයකු ලෙස දිවුරුම් දෙන මන්ත්‍රීවරයාගේ වගකීම බවයි.

රජයේ ප්‍රතිපත්තියට අකැමැති අයට ඉවත් විය හැකි බවත්, නැතිනම් ඉවත් කිරීමට හෝ සේවයෙන් පහ කිරීමට සිදුවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
(lknews.lk)