අගමැතිනියගෙන් ගුරු හිඟයට පිළියමක්
June 22, 2025 - 12:26 PM
ගුරු හිඟයට පිළියමක් ලෙස ඉදිරි මාස 6 තුළ ඉගැනුම් පරතරය අවම කර ගැනීම සඳහා ඩිජිටල් ඉගැනුම් ක්‍රම හඳුන්වාදීම කෙරෙහි විශේෂ අවධානයක් යොමුකළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
ඇය සඳහන් කළේ සියලු පාසල් ආවරණය වන පරිදි මානව සහ භෞතික සම්පත් බෙදීයාම සහතික වන ලෙස ඩිජිටල් ඉගෙනුම් ක්‍රමවේද හඳුන්වා දිය යුතු අතර ඒ සඳහා බහුවිධ අංශ නියෝජනය කරන ශක්තිමත් කාර්ය සාධක බළකායක් අවශ්‍ය වන බවයි.
කැබිනට් මණ්ඩල තීරණයක් අනුව පත්කරන ලද ඩිජිටල් අධ්‍යාපනය පර්වර්තනය සඳහා වන කාර්ය සාධන බළකායේ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී ඇය මේ බව සඳහන් කළා.
මෙහිදී සාකච්ඡාවට ලක්ව ඇත්තේ අධ්‍යාපනය තුළ ඩිජිටල් පරිවර්තනයක් ඇති කිරීම සහ ඊට අදාළ අභියෝග මෙන්ම අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පිළිබඳවයි.
ජාතික සහ පළාත් පාසල්වල දැනට පවතින 42,000 ඉක්මවා ඇති ගුරු හිඟය විසඳීම ඉතාමත් කඩිනමින් සිදුකළ යුතු බව ද අග්‍රාමාත්‍යවරිය එහිදී අවධාරණය කර තිබෙනවා.
(lknews.lk)