මහපොල ශිෂ්‍යත්වයෙන් අධ්‍යාපනයේ පෙරළියක් ඇතිවූ බව අගමැති කියයි

December 18, 2023 - 1:48 PM
මහපොල ශිෂ්‍යත්වය තුළින් අධ්‍යාපනයේ යෝධ පෙරළියක් ඇතිවූ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළා.

ජාඇළ නගර සභා ක්‍රීඩාංගණයේදී පැවති මහපොල අධ්‍යාපනය සහ වෙළඳ ප්‍රදර්ශනයේ සමාප්ති උත්සවයට ඊයේ (17) එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ සිසුන් මුහුණදෙන ගැටලුවලට මහපොල මගින් විසඳුම් හිමිවූ බවයි.

එමෙන්ම මහපොල ශිෂ්‍යත්ව ක්‍රමය යටතේ අධ්‍යාපනය, දැනුම ඒකරාශී කිරීමෙන් නව අවස්ථාවන් වර්තමානය තුළ බිහිවී ඇති බවද අග්‍රාමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.
(lknews.lk)