කුමරියකගේ ස්වීටරයක් අධික මිලකට අලෙවි වෙයි

September 17, 2023 - 6:11 PM
බ්‍රිතාන්‍ය රජ පවුලේ අභාවප්‍රාප්ත ඩයනා කුමරිය භාවිත කළ ස්වීටරයක් එක්තරා වෙන්දේසියකදී අමෙරිකානු ඩොලර් මිලියන 1.1ක මුදලකට අලෙවි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඩයනා කුමරිය භාවිත කළ ඇඳුම් අතුරින් වෙන්දේසියකදී ඉහළම මිලකට අලෙවි වූ ඇඳුම මෙය බවයි වාර්තා වන්නේ.

අන්තර්ජාලය මඟින් ලංසු තැබීමේ ක්‍රමවේදයට අනුව එම වෙන්දේසිය පවත්වනු ලැබූ ආයතනය නිවේදනය කර ඇත්තේ එම ස්වීටරය එවකට 19 හැවිරිදි වියේදී ඩයනා කුමරිය භාවිත කළ බවයි.

ඇය 1981 ජුනි මාසයේ පැවැති පෝලෝ ක්‍රීඩා තරගයකදී එවකට චාල්ස් කුමරු හා විවාහ ගිවිස ගැනීමෙන් දින කිහිපයකට පසු එම ස්වීටරය පැලඳ පෝලෝ ක්‍රීඩා තරගය නැරඹීමට පැමිණ සිටි බව ද වෙන්දේසි ආයතනය සඳහන් කර තිබෙනවා.
(lknews.lk)