ඩයනා කුමරිය භාවිත කළ ඇඳුම් වෙන්දේසියේ

November 30, 2023 - 9:23 AM
ඩයනා කුමරිය සිය විවාහ ගිවිස ගැනීම සඳහා ඇඳ සිටි බ්ලවුසයක් සහ සැඳෑ කාලයේදී අඳිනු ලැබූ ගවුමක් වෙන්දේසි කරන බව විදෙස් මාධ්‍ය පවසනවා.

මෙලෙස දෙසැම්බර් මස 14 වනදා සිට 17 වනදා දක්වා ඔන්ලයින් ක්‍රමවේදයට අනුව අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර මෙම වෙන්දේසිය සිදු කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

අමෙරිකානු ඩොලර් අසූදහසේ සිට ලක්ෂය දක්වා වටිනාකමින් යුතු එම ආයිත්තම් ඩොලර් ලක්ෂයේ සිට ලක්ෂ දෙක දක්වා මිලකට අලෙවි වන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ඇය 1981 වසරේ චාල්ස් රජු සමඟ විවාහ ගිවිස ගැනීමේ උත්සවයේදී නිල ඡායාරූපයට පෙනී සිටීමට මෙම බ්ලවුසය පැළඳ සිටි බවයි අනාවරණය වී ඇත්තේ.
(lknews.lk)