මහාචාර්ය අර්ජුන ද සිල්වා තනතුරෙන් ඉවත්වීමේ තීරණයක

January 03, 2024 - 9:46 AM
ශ්‍රී ලංකා - සිම්බාබ්වේ තරගාවලියෙන් පසුව තනතුරෙන් ඉවත් වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටුවේ ප්‍රධානී මහාචාර්ය අර්ජුන ද සිල්වා පවසනවා.

අප කළ විමසීමකදී ඔහු සඳහන් කළේ පෞද්ගලික හේතුවක් මත මෙම තීරණය ගත් බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින සහ පන්දුවාර 20 තරගාවලියට සහභාගිවන සිම්බාබ්වේ කණ්ඩායම හෙට දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

දෙරට අතර එක්දින තරගාවලිය ලබන 6 වනදා ආරම්භ වීමට නියමිතයි. විස්සයි විස්ස තරගාවලිය ලබන 14 වනදා ආරම්භ වනවා.
(lknews.lk)