ස්ටාර්ලින් ඇතුළු පිරිසගේ ගුරු විරෝධතාවයට තහනම් නියෝගයක්

June 26, 2024 - 11:51 AM
අද (26) දහවල් කොළඹ කොටුවේදී පැවැත්වීමට නියමිතව තිබූ ගුරු විදුහල්පති විරෝධතාවයට සම්බන්ධවන කිහිපදෙනෙකුට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ජෝසප් ස්ටාර්ලින්, මහින්ද ජයසිංහල ,අමිල සඳරුවන්, වාස් ගුණවර්ධන, පූජ්‍ය උලපනේ සුමංගල හිමි, මයුර සේනානායක, පූජ්‍ය යල්වල පඤ්ඤාසේකර හිමි, පුංචිහෙට්ටි, මොහාන් පරාක්‍රම වීරසිංහ සහ ඔවුන්ගේ සාමාජිකයින් වෙත අදාළ නියෝගය නිකුත් ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර නීතිවිරෝධී හැසිරීම්වලින් තොරව සාමකාමී උද්ඝෝෂණයක් කිරීමේ මූලික අයිතිවාසිකමට මෙම නියෝගයෙන් කිසිඳු බාධාවක් නොමැති බවද සඳහන්.

(lknews)