ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, ක්‍රීඩා අමාත්‍යංශයේ විමර්ශනයකට කැඳවයි

November 17, 2023 - 4:55 PM
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ නොවැම්බර් 21 වැනිදා ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය හමුවට කැඳවා තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා විසින් පසුගියදා එල්ල කරන ලද දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස, ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඊයේ ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයෙන් ඉල්ලීමක් කළා. 
 
නිවේදනයක් නිකුත් කරමින් ක්‍රීඩා අමාත්‍යාංශය පැවසුවේ 2019 ක්‍රීඩා වැරදි වැළැක්වීමේ පනත යටතේ වරදක් ලෙස සැලකෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සම්බන්ධ තරග පාවාදීම්, නීතිවිරෝධී ක්‍රියා සහ ඔට්ටු ඇල්ලීම් පිළිබඳව තමා සතුව තොරතුරු ඇති බව වික්‍රමසිංහ පසුගියදා මාධ්‍ය වෙත ප්‍රකාශ කළ බවයි. 
 
එය බරපතළ චෝදනාවක් බව එය ජනතාව තුළ කැළඹීමක් ඇති කරන බවත් ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කළා. 
(colombotimes.lk)