බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිළධාරීන් 19කට උසස්වීම්

December 15, 2023 - 10:23 AM

පළමු පෙළ ජේලර් තනතුරේ සේවය කළ නිලධාරීන් 19 දෙනෙකු ප්‍රධාන ජේලර් තනතුර දක්වා උසස් කර තිබෙනවා.

වසර 5කට වැඩි සතුටුදායක සේවා කාලයක් ඇති නිලධාරීන්ට මෙම උසස් වීමට ලබා දී ඇති බවයි, බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී දිසානායක මහතා ප්‍රකාශ කළේ.

අදාළ උසස් වීම ලබා දීම සඳහා නොවැම්බර් මස 28 වනදා සම්මුඛ පරීක්ෂණයක් පත්වා ඇති අතර ඉන් වැඩිම ලකුණු ලබා ගත් නිලධාරීන් සඳහායි මෙලෙස උස්සවීම් ලබා දී ඇත්තේ.
(lknews.lk)