අද රජයේ සේවකයින් උද්ඝෝෂණයක

October 30, 2023 - 9:22 AM
අද (30) දිනයේ දිවයින පුරා උද්ඝෝෂණ ව්‍යාපාර සංවිධානය කර තිබෙනවා. 

ඒ මෙවර ‍අයවැයෙන් රුපියල් 20,000ක දීමනාවක් හෝ වැටුප් වැඩිවීමක් ඉල්ලමින්. 
 
ඒ අනුව අද දහවල් 12 ට දිවා ආහාර කාලයේ මෙම උද්ඝෝෂණ ව්‍යාපාර පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. 
 
මෙම විරෝධතා සංවිධානය කර ඇත්තේ, රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකතුවයි. 
 
ඒ සඳහා සංවර්ධන නිලධාරී, කළමනාකරණ සේවා නිලධාරී, ග්‍රාම නිලධාරී, සමෘද්ධි, කාර්යාල සේවා, පළාත් රාජ්‍ය සේවා ඇතුළු සේවා ගණනාවක් සම්බන්ධ වී තිබෙන බවයි වාර්තා වන්නේ. 
 
මෙවර අයවැය තුළින් සිය ඉල්ලීම් සඳහා නිසි විසඳුම් ලබානොදෙන්නේ නම් නොවැම්බර් 13 වනදායින් පසුව වර්ජන ක්‍රියාමාර්ගයන්ට එළඹෙන බව රාජ්‍ය, පළාත් රාජ්‍ය, රජයේ වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අජිත් කේ. තිලකරත්න මහතා පැවසූවා.
(lknews.lk)