වෛද්‍ය, ඉංජිනේරු ඇතුළු ක්ෂේත්‍ර රැසක් විරෝධතාවක් ආරම්භ කරයි

December 13, 2023 - 10:26 AM

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඇතුළු වෘත්තීයවේදීන් මේ වන විට විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

මේ හේතුවෙන් පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අවහිර වී ඇති බවයි සඳහන් වන්නේ.

ඉතා ඉහළ ආදායම් බදු ප්‍රමාණයක් අය කිරීමට විරෝධය පළ කරමින් මෙම විරෝධතාව පැවැත්වෙන අතර මේ සඳහා වෛද්‍ය ඉංජිනේරූ, බැංකු ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තීයවේදීන් මේ සඳහා සහභාගී වී තිබෙනවා.
(lknews.lk)