ඊශ්‍රායලයේ යළි ඇරඹෙන විරෝධතා

September 08, 2024 - 12:46 PM
හමාස් සංවිධානය භාරයේ සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙස ආණ්ඩුවට බල කරමින් ඊශ්‍රායලය පුරා යළි විරෝධතා රැසක් ආරම්භ වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ සඳහා හත් ලක්ෂ පනස් දහසකට අධික පිරිසක් එක්ව සිටින බවයි.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ නිවස ඉදිරිපිටට ද රැස්වී  විශාල පිරිසක් විරෝධතාවයේ නිරත වන බවයි වාර්තා වන්නේ.

විරෝධතාවය  අතරතුර පොලීසිය සමඟ ඇති වූ ගැටුම් හේතුවෙන් පුද්ගලයන් කිහිපදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.


(lknews)