රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත 25 වනදා විවාදයට

July 18, 2024 - 5:42 PM
රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත සහ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත ලබන 25 වනදා විවාදයට ගැනීමට තීරණය කර තිබෙනවා.

පාර්ලිමේන්තු කටයුතු පිලිබඳ කාරක සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (18) පැවැත්වූ රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

(lknews)