පොදු වැසිකිළි ගාස්තු අඩු වෙයි

March 04, 2024 - 11:01 AM
කොළඹ මහ නගර සභාව විසින් පාලනය කරන ඇතැම් පොදු වැසිකිළිවල ගාස්තුව රුපියල් 10ක් දක්වා අඩු කර තිබෙනවා.

දැනට සති තුනකට පමණ ඉහත දී එම පොදු වැසිකිළිවල අය කරන ලද ගාස්තුව රුපියල් 20ක් දක්වා ඉහළ දමා තිබුණා.

එමෙන්ම කොළඹ මහ නගර සභාව විසින් පාලනය කරන ඇතැම් පොදු වැසිකිළි වලින් රුපියල් 20ත් 40ත් අතර විවිධ ගාස්තු අය කෙරෙන බව සඳහන් වනවා.
(lknews.lk)