පුටින් නැවතත් ජනපති ධුරයට

March 18, 2024 - 9:41 AM

නැවත වරක් රුසියානු ජනාධිපති ධුරය සඳහා ව්ලැදිමීර් පුටින්ට තේරී පත්ව තිබෙනවා.

පෙර ඡන්ද ප්‍රතිඵල අනුව 87%ක අතිවිශිෂ්ට ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ව්ලැදිමීර් පුටින් පස්වැනි වරටත් රුසියාවේ ජනාධිපති ධුරයට හිමිකම් ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

එම ප්‍රතිශතය රුසියාවේ සෝවියට් ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ ඉහළම ප්‍රතිඵලය බවට වාර්තා වනවා.

කෙසේවෙතත් මෙම මැතිවරණය ප්‍රජාතන්ත්‍රවාදී නීත්‍යානුකූලභාවයක් නොමැති බවට දැඩි විවේචන එල්ල වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.
(lknews.lk)