සීනි තොග නිකුත් නොකරන ස්ථාන සොයා අද සිට වැටලීම්

November 06, 2023 - 8:08 AM
සීනි තොග නිකුත් නොකර තබා ගෙන ඇති ස්ථාන සොයා අද (06) සිට වැටලීම් සිදු කරන බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

එමෙන්ම අදාළ පාලන මිල ඉක්මවා සීනි අලෙවි කරන වෙළදුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ද ඔහු සඳහන් කළා.

සීනි බදු සංශෝධනය කිරීමට පියවර ගැනීමත් සමඟ රජය විසින් සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් ද නිකුත් කරනු ලැබුවා.
(lknews.lk)