දුම්රිය පීලි පැනීම් ඉහළයාමට හේතුව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි

November 01, 2024 - 2:02 PM
දුම්රිය එන්ජින් සහ මැදිරි නිසි ලෙස නඩත්තු නොකිරීම බොහොමයක් දුම්රිය පීලි පැනීම්වලට හේතුව බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්. ජේ. ඉඳිපොලගේ සඳහන් කළේ කාර්ය මණ්ඩල හා අමතර කොටස් හිඟය හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවයි.

වසරේ මේ දක්වා කාලය තුළ දුම්රිය පීලි පැනීම් 76ක් සිදුවී ඇති බවද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.


(lknews.lk)