දුම්රිය සේවකයින් යළි සේවයට

March 07, 2024 - 9:38 AM
පසුගිය (5) දින වීදේශිකයින් දෙදෙනෙකු හට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැඩතහනමකට ලක් වූ දුම්රිය සේවකයින් තිදෙනෙකු අද (7) දිනයේ දී යළි සේවයේ පිහිටුවා තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මූලික පරීක්ෂණ වලින් අනතුරුව ඉදිරි විනය ක්‍රියාමාර්ගවලට යටත්ව එම අදාළ නිලධාරීන් යළි සේවයේ පිහිටුවා ඇති බවයි.
(lknews.lk)