උඩරට දුම්රිය ධාවනය නැවත යථා තත්ත්වයට

November 24, 2023 - 11:28 AM
නානුඔය දක්වා සීමා කර තිබූ උඩරට මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු යථා තත්ත්වයට පත් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් උඩරට මාර්ගයේ බදුල්ල දක්වා ධාවනය වන සියලු දුම්රිය නානුඔය දක්වා පමණක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණා. 
 
කෙසේවෙතත් එම දෙපාර්තමේන්තුව පැවසුවේ, මේ වනවිට එම බාධා ඉවත් කර දුම්රිය මාර්ගය යළි ධාවන තත්ත්වයට පත් කර තිබෙන බවයි.
(colombotimes.lk)