දුම්රිය වැඩවර්ජනය නවතියි

September 14, 2023 - 6:57 AM
දුම්රිය ලොකොමොටිව් ඉංජිනේරු සංගමය ආරම්භ කළ වැඩවර්ජනය අත්හිටුවා තිබෙනවා. 

ඒ වැඩවර්ජනයක නිරතව සිටින දුම්රිය එන්ජින් රියදුරන් අසූහතර (84) දෙනාට කඩිනමින් සේවයට වාර්තා කරන ලෙස ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සිදුකළ දැනුම්දීමෙන් අනතුරුවයි. 
 
සේවයට වාර්තා කිරීමට අපොහොසත් වන අය සේවය හැර ගියා සේ සලකන බවයි එමඟින් දැනුම්දුන්නේ. 
 
දුම්රිය එන්ජින් රියදුරන් ආරම්භ කර ඇති වර්ජනයට මුහුණදීම සඳහා දුම්රිය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ගැසට් නිවේදනයක් ද නිකුත් කළා. 
 
කෙසේවෙතත් දුම්රිය ලොකොමොටිව් ඉංජිනේරු සංගමය පවසන්නේ ඊයේ (13) පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බවයි. 
 
අදාළ සාකච්ඡාවේදී ඔවුන්ගේ ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් ලැබීම හේතුවෙන් තම වර්ජනය අවසන් කළ බව ඔවුන් පවසනවා. 
 
වර්ජනය අවසන් කිරීමත් සමඟ දුම්රිය ධාවනය අද (14) දහවල් වනවිට යථාවත් වනු ඇති බවද ලොකෝමෝටිව් ඔපරේටින්ග්ස් ඉංජිනියර්ස් දුම්රිය රියදුරු වෘත්තීය සමිතිය වැඩිදුරටත් පවසනවා.
(lknews.lk)