වැස්සෙන් වවුනියාවේ වැව් 41කට හානි

December 20, 2023 - 9:23 AM
වැසිත් සමඟ වවුනියාව දිස්ත්‍රික්කයේ පමණක් වැව් 41කට හානි සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

මෙම දිස්ත්‍රික්කයේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව යටතේ වැව් 617ක්, සුලු වාරිමාර්ග වැව් 17ක් සහ මහා වාරිමාර්ග වැව් 5ක් පවතිනවා.

අධික වැසිත් සමඟ බැමි කැඩීයාම් සහ සිදුරු ඇති වීමේ තත්ත්වයන් දක්නට ලැබෙන බවයි අපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

සින්නකුලම, සින්න කල්වීරකුලම, පිරමනාදන්කුලම යන වැව්වල බැමි කැඩී ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් යුද හමුදාව, අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව කැඩී ගිය වැව් බැමි වැලි කොට්ට යොදා ආරක්ෂා කිරීමට පියවර ගෙන ඇති බව ද සඳහන්.
(lknews.lk)