අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

April 10, 2024 - 9:14 AM
නැගෙනහිර පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවන බවත් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණ දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතින බවද සඳහන් වනවා.

අද දින (10) දහවල් 12:11 ට තඹුත්තේගම, මැදිරිගිරිය, ඉහළ පුලියන්කුලම, රාජාංගනය, එප්පාවල,වාකරේ යන ප්‍රදේශවලට හිරු මුදුන් වන බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

(lknews.lk)