අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

June 05, 2024 - 8:51 AM
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට අද (05) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

එමෙන්ම සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දිවයිනේ සෙසු ප්‍රදේශවල ස්ථාන කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එහි සඳහන්.

(lknews)