අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

April 11, 2024 - 8:18 AM
නැගෙනහිර සහ ඌවපළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව නිවේදනය කළා.

 දිවයිනේ සෙසු බොහෝ ප්‍රදේශවල ප.ව. 1.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

බස්නාහිර, මධ්‍යම,  සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 100 වඩා වැඩි තද වැසි ඇති වන බව‍ එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතින බව එම නිවේදනයේ දැක්වෙනවා.

අද දින (11) දහවල් 12:11 ට බත්තලන්ගුන්ඩුව, මැදවච්චිය, හොරොව්පතාන සහ ත්‍රිකුණාමලයයන ප්‍රදේශවලට හිරු මුදුන් වන බවද එම නිවේදනයේ සඳහන්.

(lknews.lk)