අද සවස වැසි

March 08, 2024 - 9:16 AM
අද (8) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්වයක් පවතින බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.
(lknews.lk)