වැසි සහිත කාලගුණය නිසා ඩෙංගු අවධානම වැඩි වෙයි

October 15, 2024 - 10:39 AM
දිවයිනේ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඩෙංගු රෝගය යළි හිස එසවීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය අනෝජා ධීරසිංහ මහත්මිය සඳහන් කළේ මේ වසරේ ගත වූ කාල සීමාව තුළ ඩෙංගු රෝගීන් 40,657 දෙනෙක් හඳුනාගෙන ඇති බවයි.

එමෙන්ම ඩෙංගු රෝගය වැළදීමෙන් පුද්ගලයින් 20දෙනෙක් මියගොස් තිබෙනවා.

ඇය වැඩිදුරටත් සඳහන් කළේ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය සමඟ යළිත් වරක් ඩෙංගු මඳුරුවන් බෝවීමේ අවදානම ඉහළයා හැකි බවයි.

(lknews.lk)