ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනා ඉහළ නංවයි

February 09, 2024 - 4:59 PM
ජනවාරි මාසයේ සිට බලපැවැත්වෙන පරිදි ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනාව ඉහළ නංවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සෝමසිංහ මහතා පැවසුවා.

ඒ අනුව රුපියල් 2,000 ක්ව පැවැති වැඩිහිටි දීමනාව රුපියල් 3,000 දක්වා ද රුපියල් 5,000 ක්ව පැවැති ආබාධිත සහ වකුගඩු දීමනාව රුපියල් 7,500ක් දක්වා ද ඉහළ නංවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
(lknews.lk)