රාජ්‍ය වෙසක් උත්සවය මාතලේදී

March 16, 2024 - 10:09 AM
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ දිස්ත්‍රික්කයේ අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

උත්සවය සඳහා මූලික කටයුතු සිදුකිරීමේ රැස්වීමක් බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.

2024 මැයි 21 සිට 27 දක්වා මාතලේ නගරයේ සහ දිස්ත්‍රික්කයේ වසම් එකොළහක සැමරුම් උත්සව පැවැත්වෙන බවයි ඔහු සඳහන් කළේ.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රේමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේ උත්සවය පැවැත්වෙන කාලය තුළ දිස්ත්‍රික්කයේ සියලුම බෞද්ධ සිද්ධස්ථානවලට ආරක්ෂාව සැපයීම සඳහා පොලීසිය සහ ආරක්ෂක අංශ පිළිබඳ සවිස්තරාත්මකව කරුණු දැක්වීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගන්නා බවයි.

සෑම ආගමික ස්ථානයකටම අවම වශයෙන් ආරක්ෂක සහ පොලිස් නිලධාරීන් දස දෙනෙකුවත් යොදවන බව ඔහු වැඩිදුරත් සඳහන් කළේ.
(lknews.lk)