රාමසාන් උත්සවය අදයි

March 31, 2025 - 9:31 AM
ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන රාමසාන් උත්සවය අදට (31) යෙදී තිබෙනවා.

කොළඹ මහ පල්ලිය ඊයේ (30) නව සඳ දිස්වීම හේතුවෙන් අද දිනයේ රාමසාන් උත්සවය සමරන බව නිවේදනය කළා.

මාසයක් පුරා පැවති රාමසාන් උපවාසය අවසන් කර නව සඳ දැකීමත් සමඟ ඉස්ලාම් බැතිමතුන් ඊදුල් ෆීතර් උත්සවය හෙවත් රාමසාන් දිනය සමරනු ලබනවා.


(lknews.lk)