රනිල්ගෙන් ජනපති අනුරට ප්‍රසංශා

December 17, 2024 - 7:13 PM
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (16) නවදිල්ලියේදී නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශය ඉන්දු -  ලංකා සහයෝගීතාව තවදුරටත් ස්ථායිකර ශක්තිමත් කරවන බැවින් එය සාදරයෙන් පිළිගන්නා වර්ධනයක් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ කලාපීය බලශක්ති සහ කාර්මික කේන්ද්‍රස්ථානයක් ලෙස ත්‍රිකුණාමලය සංවර්ධනය කරමින් ආර්ථික හා තාක්ෂණික සහයෝගීතාව ගිවිසුම සමඟින් ඉදිරියට යාම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායකට ප්‍රසංශා කරන බවයි.

(lknews.lk)