ජනාධිපතිගෙන් නව වසරට සුබ පැතුම්

January 01, 2024 - 9:53 AM
2024 නව වසරට අප පිය නගන්නේ ශ්‍රී ලංකාව යළි නගාසිටුවීමේ අභියෝගය හා අපේක්ෂාව හදැතිව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

නව වසරට සුභ පැතුම් එක් කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ දහසකුත් පුද්ගලික අපේක්ෂාවන් අප සැම තුළ තිබුණ ද ඒ සියල්ල සාර්ථක කර ගැනීමට නම් මාතෘ භූමිය වර්තමානයේ ඇදවැටී ඇති අර්බුදකාරී තත්ත්වයෙන් යළි ඉහළට ඔසවා තැබීම අනිවාර්ය බවයි.

පසුගිය වසර පුරා ඔබ කළ කැපවීම් සහ විඳි දුෂ්කරතා නිසා රට බංකොළොත්භාවයෙන් මුදා ගැනීමේ මූලික පදනම සාර්ථක කර ගැනීමට හැකි වු අතර,එහෙත් ආර්ථිකය ස්ථාවර කර ගැනීම උදෙසා තවත් ඉදිරියට යා යුතු බවත් එය මල් ඇතිරූ සුමුදු මඟක් නොවන අභියෝගාත්මක දුෂ්කර එකක් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ නව වසරට සුභ පැතුම් එක් කරමින් සඳහන් කළා.
(lknews.lk)