ජනවාරි මස රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවෙයි

November 25, 2023 - 4:39 PM
ජනවාරි මස රාජ්‍ය සේවකයින්ට රුපියල් 5,000ක වැටුප් වැඩිකිරීමක් සිදු කිරීමට උත්සාහ ගනිමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

මීට අමතරව විශ්‍රාම වැටුප රු.2,500කින් ඉහළ දැමීමට ද සැලසුම් කර ඇති බවයි ඔහු සඳහන් කළේ.
(lknews.lk)