නව දේපොළ බද්දක් හඳුන්වාදීමට සැලසුම්

January 29, 2024 - 11:53 AM
2025 වසරේ දී නව දේපොළ බද්දක් හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව ද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

මෙම දේපොළ බද්ද සෘජු බද්දක් වන බවත් එය ඉහළ දේපොළක් ඇති අයගෙන් අය කරගනු ලබන නිශ්චිත මුදලක් බවත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නා.  

එමෙන්ම ඉදිරියේ දී වක්‍ර බදු හඳුන්වා දීමට හෝ බදු ප්‍රතිශතයන් ඉහළ දැමීමට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව ද ඔහු සඳහන් කළා.

මේ හරහා රාජ්‍ය ආදායම වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වන බවයි ඔහු පැවසුවේ.

තවද වක්‍ර බදු හේතුවෙන් භාණ්ඩ මිල ඉහළ නොයන බවත් භාණ්ඩවල ඉල්ලුම සැපයුම මත භාණ්ඩ මිල තීරණය වන බවත් සඳහන්.  

කෑගල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ අදහස් පළකලා.
(lknews.lk)