උද්ධමනය තවත් ඉහළට

January 22, 2024 - 5:06 PM
2023 දෙසැම්බර් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත් කර තිබෙනවා. 
ඒ ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින්. 
 
ඒ අනුව 2023 නොවැම්බර් මාසයේ දී 2.8%ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2023 දෙසැම්බර් මාසය සඳහා 4.2 %ක් දක්වා වැඩි වී තිබෙනවා. 
 
2023 නොවැම්බර් මාසයේ දී -2.2 % ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2023 දෙසැම්බර් මාසයේ දී 1.6 %ක් දක්වා වැඩි වී තිබෙනවා. 
 
එමෙන්ම, නොවැම්බර් මාසයේ දී 7.1 %ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය දෙසැම්බර් මාසයේ දී 6.3 %ක් දක්වා අඩු වී තිබෙනවා.
 
මේ පිළිබඳ වැඩිදුර දළ විශ්ලේෂණ වාර්තාව පහතින්...
(lknews.lk)