රත්නපුරට දැඩි උණුසුමක්

February 24, 2024 - 10:42 AM
සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ සහ මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය යන ප්‍රදේශවල උෂ්ණත්වය ඉහළ ගොස් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ, සුළං ප්‍රවාහයේ අඩුවීමක් හේතුවෙන්.

ඒ අනුව රත්නපුර ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 36ක් ලෙසත්, මහනුවරින් සෙල්සියස් අංශක 30ක් සහ නුවරඑළියෙන් සෙල්සියස් අංශක 21ක් ලෙසත් උෂ්ණත්වය සටහන් වී තිබෙනවා.
(lknews.lk)