රත්නපුරට නායයෑමේ රතු නිවේදන තවදුරටත්

November 27, 2023 - 12:05 PM
රත්නපුර දිස්ත්‍රික්කයේ ඕපනායක, වැලිගෙපොළ, කොලොන්න, ඉඹුල්පේ සහ බලංගොඩ යන ප්‍රදේශවලට නායයෑමේ රතු නිවේදන දීර්ඝ කර තිබෙනවා.

එමෙන්ම බදුල්ල ,මහනුවර සහ කෑගල්ල දිස්ත්‍රික්කවලටත්,රත්නපුර දිස්ත්‍රික්කයේ තවත් ප්‍රදේශ රැසකටත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයෑමේ නිවේදන නිකුත් කර ඇති බව සඳහන්.

එය අද (27) සවස 3.30 දක්වා බලපැවැත්වෙනු ඇති.


(lknews.lk)