කුඹුරු ඉඩම් ගොඩ කිරීම අත්හිටුවයි

March 15, 2024 - 12:37 PM
කුඹුරු ඉඩම් ගොඩ කිරීම සඳහා මින් ඉදිරියට කිසිදු අවසරයක් නොදෙන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

ඉඩම් ගොඩ කිරීමට අවසර නොදීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බැවින් මින් ඉදිරියට කුඹුරු ඉඩම් ගොඩ කිරීම සඳහා කිසිදු නිර්දේශයක් ඉදිරිපත් නොකරන ලෙස අමාත්‍යවරයා අදාල නිලධාරින්ට උපදෙස් දුන්නා.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද කුඹුරු ඉඩම් ගොඩ කිරීමට අවසර නොදෙන ලෙස තමන්ට උපදෙස් දුන් බවයි.
(lknews.lk)