ජාතික සත්ත්ව සංගණනයේ නිර්දේශ එළියට

June 13, 2025 - 8:05 AM
කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කළ ජාතික සත්ත්ව සංගණනයේ වාර්තාව අනුව නිර්දේශ රැසක් මේ වන විට ඉදිරිපත් කර තිබෙනවා. 

ඒ කෘෂිකර්ම අමාත්‍යාංශය විසින්. 

එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පශු සම්පත්) ආචාර්ය පාලිකා ප්‍රනාන්දු සඳහන් කළේ කසල කලමණාකරනය නිසි පරිදි නොකිරීම තුළ සත්ත්ව ග්‍රහණය වැඩිවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවයි.

ඒ අනුව නිසි කසල කලමණාකරණය, වන්ධ්‍යකරණ වැඩසටහන්, වනජීවි කලමණාකරනයට අවශ්‍ය නීති රෙගුලාසි, සත්ත්ව ගහණය වැඩි ප්‍රදේශවල ප්‍රජා භෝග ආරක්ෂණ කමිටු ක්‍රියාවට නැංවීම වැනි නිර්දේශ රැසක් ඉදිරිපත් කර තිබෙනවා. 

(lknews)