චීනයේ ප්‍රාන්ත රැසකට වාර්තාගත හිමපතනයක්

December 18, 2023 - 10:25 AM
චීනයේ ප්‍රාන්ත කිහිපයකට වසර 4කට පසු අධික හිමපතනයක් සිදු වන බව විදෙස් මාධ්‍ය පවසනවා.

මේ වනවිට එම ප්‍රාන්තවල ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 40ක් වන අතර, මෙය 1980න් පසු වාර්තා වූ අවම උෂ්ණත්වය බවයි සඳහන් වන්නේ.

හැන්ෂි, හෙබෙයි සහ ලියොනින් ප්‍රාන්තවලින් මෙම තත්ත්වය වාර්තාවීමත් සමඟ චීන ජනාධිපති ෂී ජින්පින් හදිසි තත්ත්වයක් ලෙස සලකා කටයුතු කරන ලෙසටයි බලධාරින්ට දැනුම් දී ඇත්තේ.

ඒ අනුව හිම ඉවත් කිරීමේ යන්ත්‍රෝපකරණ සහ විදුලි බලාගාරවල විදුලි උත්පාදනය අඛන්ඩව සැපයීම ද බලධාරින් අවධානය යොමු කර තිබෙනවා.
(lknews.lk)